සහන සපයන සත්කාර යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?
සහන සලසන සත්කාර යනු මාරාන්තික රෝගයකින් පෙළෙන පුද්ගලයින් සඳහා වන සෞඛ්‍ය සේවාවකි. එමගින් රෝගීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වලට සුවපහසුව, සහාය සහ ජීවන තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරයි. එමගින් පුද්ගලයින්ට හැකි තාක් කල් ඔවුන්ට හැකි පරිදි ජීවත් වීමට උපකාරී වේ.
සහන සලසන සත්කාර ආරම්භ කළ හැක්කේ කවදාද?
දිගටම පවතින රෝගයක අවසාන සතිවල හෝ දිනවල පමණක් නොව, එහි ඕනෑම අවස්ථාවක දී සහන සලසන සත්කාර ආරම්භ කළ හැකිය. බොහෝ අවස්ථාවලදී, පුද්ගලයෙකුට තම රෝගය සඳහා වෙනත් ප්‍රතිකාර ලබා ගනිමින් සිටින අතරතුර සහන සලසන සත්කාර ලබා ගත හැකිය.
සහන සලසන සත්කාර සපයන්නේ කවුද?
සාමාන්‍ය වෛද්‍යවරයෙක්, වෛද්‍ය විශේෂඥයෙක් හෝ හෙදියක් වැනි ඕනෑම සෞඛ්‍ය වෘත්තිකයෙකුට සහන සලසන සත්කාර ලබා දිය හැකිය.
පුද්ගලයෙකුගේ රෝග ලක්ෂණ වඩාත් සංකීර්ණ වූ විට, විශේෂඥ සහන සලසන සත්කාර සේවා සම්බන්ධ කරගත හැකිය. සාමාන්‍යයෙන් ඒවා මෙහෙයවනු ලබන්නේ දැඩි වේදනාව, වමනය කිරීම සහ හුස්ම ගැනීමේ අපහසුතාව වැනි ජීවිතයේ අවසාන භාගයේ පෙන්නුම් කරන රෝග ලක්ෂණ පාලනය කිරීම සඳහා විශේෂ හැකියාවක් ඇති වෛද්‍යවරයෙකු හෝ හෙදියක් විසිනි.
විශේෂඥ සහන සලසන සත්කාරක කණ්ඩායමක් පුද්ගලයෙකුට දැනට ප්‍රතිකාර කරන සෞඛ්‍ය සේවා කණ්ඩායම සමග දිගටම හවුල්කාරිත්වයෙන් කටයුතු කරනු ඇති අතර එම කණ්ඩායමට ඇතුළත් විය හැක්කේ:
- වෛද්‍යවරුන්
- හෙදියන්
- සම සෞඛ්‍ය වෘත්තිකයන්
- ඖෂධවේදීන්
- මනෝ විද්‍යාඥයින්
- ආධ්‍යාත්මික හෝ දේවගැති සත්කාර ලබාදෙන සේවකයින්
- සහන සපයන සත්කාර ලබාදෙන ස්වේච්ඡා සේවකයින්
විශේෂඥ සහන සලසන සත්කාර සේවා ලබා ගන්නේ කෙසේද?
විශේෂඥ සහන සලසන සත්කාර සේවා සඳහා යොමු කිරීමක් තනි පුද්ගලයෙකුට හෝ පවුලේ සාමාජිකයෙකුට හෝ රැකබලා ගන්නෙකුට, හෝ ඕනෑම සෞඛ්‍ය වෘත්තිකයෙකුට කළ හැකිය.
විශේෂඥ සහන සලසන සත්කාර මගින් ලබාදෙන සේවාවන් මොනවාද?
විශේෂඥ සහන සලසන සත්කාර සේවාවන්ට ඇතුළත් වන්නේ:
- සංකීර්ණ ශාරීරික රෝග ලක්ෂණ පාලනය කිරීමට උපකාර කිරීම
- සමාජීය, සංස්කෘතික සහ අධ්‍යාත්මික ගැටලු සඳහා සහාය වීම
- පුද්ගලයාට සහ ඔවුන්ගේ පවුලේ අයට හෝ රැකබලා ගන්නන්ට උපදේශන සහ දැඩි ශොකය පාලනය සඳහ සහාය ලබා දීම
විශේෂඥ සහන සලසන සත්කාර සේවා ලබාදිය හැක්කේ කුමන ස්ථාන වලින්ද?
සහන සලසන සත්කාර ලබාදිය හැක්කේ:
- නිවසේදී
- රෝහලේදී
- ගිලාන ශාලාවකදී
- නේවාසික වයස්ගත රැකවරණ නිවාසයකදී
- ආධාර සපයන ආබාධිත නවාතැන්පලකදී
විශේෂඥ සහන සලසන සත්කාර සේවා සඳහා කොපමණ මුදලක් වැය වේද?
බොහෝ සහන සලසන සත්කාර සේවා නොමිලේ සැපයේ. ඖෂධ හෝ උපකරණ සඳහා යම් පිරිවැයක් දැරීමට සිදුවිය හැකි අතර අවශ්‍ය නම් ඒවා ගැන සාකච්ඡා කරනු ලැබේ.
පවුලේ අය සහ රැකබලා ගන්නන් සඳහා කවර සහායක් ලබා ගත හැකිද?
විශේෂඥ සහන සලසන සත්කාර සේවා පවුල් සහ රැකබලා ගන්නන් සඳහා ප්‍රායෝගික සහ චිත්තවේගීය සහාය ද ලබා දෙයි.
භාෂණ පරිවර්තකයෙකු අවශ්‍ය නම් කුමක් කළ යුතුද?
හමුවීමක් සඳහා යන විට භාෂණ පරිවර්තකයෙකු අවශ්‍ය නම්, ඒ බව සේවාවට දැනුම් දීම වැදගත් වේ.
සේවාවක් මා සොයා ගන්නේ කෙසේද, නැතහොත් ඒ ගැන වැඩිදුර තොරතුරු ලබා ගන්නේ කෙසේද?
- ඔබේ වෛද්‍යවරයා, විශේෂඥ වෛද්‍යවරයා හෝ ඕනෑම සෞඛ්‍ය වෘත්තිකයෙකු සමග කතා කරන්න
- ඔබේ ප්‍රදේශයේ සහන සලසන සත්කාර සේවාව අමතන්න
- Palliative Care Victoria [වික්ටෝරියාවේ සහන සලසන සත්කාර සේවාව] අමතන්න

දුරකථනය ඔස්සේ භාෂණ පරිවර්තකයෙකු සූදානම් කළ හැකිය. ඔබට අවශ්‍ය කුමන භාෂාව ද යන්න කරුණාකර අපට පවසන්න.
Further Resources

Tell Your Story About Palliative Care in Sinhalese
FILL IN FORM